මේ වනවිට ජනාධිපති කාර්යාලය වෙත භාරදී ඇති අධි සුඛෝපභෝගී රථ වාහන 107 ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබාදී තිබු රථ වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබාදී තිබු රථ වාහන බව අනාවරණය වී ඇත.
ඒ අතර, ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු වී විදේශ ගමන් තනමක් පවා පනවා සිටිනා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියද හිටපු ජනාධිපතිවරයා විසින් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ආදේශ කොට වෙළඳපොල වටිනාකම රුපියල් ලක්ෂ 500කට ආසන්න ටොයොටා ලෑන්ඩ් කෘෂර් සහරා V8 කාණ්ඩයේ SUV රථයක් ඉන්ධන රියදුරු ඇතුලු තවත් වරප්‍රසාද සහිතව ලබාදී ඇත.
ඩයනා ගමගේ මහත්මිය විසින් වංචනිකව මෙරට මහජනතාව සහ ව්‍යවස්ථාදායකය නොමඟ යවමින් වසර ගණනාවක් පුරා මහජන බදු මුදලින් සුඛෝපභෝගී දිවි පෙවතක් ගෙවීම සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරීන් විසින් එම මුදල් නැවත අය කර ගැනීම සඳහා නීතිමය කටයුතුද සිදුකර ඇති මොහොතක හිටපු ජනාධිපතිවරයා විසින් තමා සතු විධායක බලතල භාවිත කරමින් නැවත වතාවක් ඒ සඳහා අවස්ථාව ලබාදී තිබීම විමතිය දනවන්නකි.
හොදක් නම් සිද්ද වෙන්නම එපා ජනතාව මරාගෙන කාපු මේ හෝදාපාලුවො රොත්තටම.