හොර පාස්පෝට් හැදූ ඩයනාගේ නඩු 7කට අදාළ ලොක්කන්ට නොතීසි.!

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබෙන නඩු 7කට අදාළ සාක්ෂිකරුවන්ට අධිකරණයෙන් නොතීසි නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව ඩයනා ගමගේට එරෙහිව ගොනුකර තිබෙන නඩු 7කට අදාළ සාක්ෂිකරුවන්ට ලබන (24) වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අදාළ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් ආගමන හා විගමන පාලක හෝ ඔහුගේ නියෝජිතයකු සහ තවත් පාර්ශ්වකරුවන් කිහිපදෙනෙකු නම් කර ඇති අතර අදාළ නඩු ලබන (24) වනදා විභාගයට ගැනීමට නියමිතය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.