අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කර හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.
ඩයනා ගමගේ සම්බන්ධව අපරාධමය කරුණු කීපයක් අනාවරණය වී ඇති අතර ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර වේ.
ඒ අනුව ඩයනා ගමගේට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසත් ලැබෙන සාක්ෂි මත අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරමින් ඇයව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.