තුරුම්පු මා ලගයි.. මම යන්නේ නෑ.. ආයෙත් පාර්ලිමේන්තුවට එනවා.!

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇත.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට ලංකාවේ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත.

තමන්ගේ දේශපාලනය මෙතනින් අවසන් නොවන බවත් වැඩි කල් යන්නත් පෙර තමන් යළිත් පාර්ලිමේන්තුවට දේශපාලනයට පැමිණෙන බවත් පාර්ලිමේන්තුව නුදුරේදීම විසුරුවා හරිනු ඇති බවද ඩයනා ගමගේ සදහන් කළාය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඩයනා ගමගේ සදහන් කළේ,

” මගේ දේශපාලනය මෙතැනින් නවතින්නේ නැහැ. වැඩිකල් යන්න කලින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. ඉදිරි දේශපාලනයට මම අනිවාර්යයෙන්ම එනවා. ජනාධිපතිතුමාගේ සහයෝගයට මම හැමදාම ඉන්නවා.

කොටලුවෝ හැංගෙච්ච වෙලාවේ රනිල් වික්‍රමසිංහ තමයි මේ රට භාර ගත්තේ. මේ තීරණය එහෙම නම් ඒ පක්ෂයත් අවලංගුයි. මොකද ඒ පක්ෂය පැවරුවේ මගේ අත්සනින්. ඒක ඇතුලේ අර්බුද ගොඩක් තියෙනවා. ඒවා මම ඉදිරියේදී කියන්නම්.

ප්‍රශ්නයක් තියෙනවා නම් සජබයේ මාව තියාගත්තේ ඇයි. මගේ තියෙන්නේ දකුණේ ලේ. මගේ තාත්තා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් දීගෙට ගත්තා. ඒක මගේ වරද නෙමෙයි. ඒක හොඳයි. මම කැමතියි.මේ රටේ කාන්තාවන්ට මං වගේ චරිතයක් නැවත ඕනේ නම්.. මං නැවත පාර්ලිමේන්තුවට එයි.”

Loading

6 thoughts on “තුරුම්පු මා ලගයි.. මම යන්නේ නෑ.. ආයෙත් පාර්ලිමේන්තුවට එනවා.!

  • අනේ නෑ.. ඔයා වගේ හොර පාරෙන් රිංගගෙන හොරෙකුට මුක්කු ගහන තක්කඩි කාන්තාවක් අපේ පාර්ලිමේන්තුව ට නෙමේ ලංකාවට ම ඕන නෑ.. කොටින් ම ඔයාට ඡන්දෙ දෙන්නවත් අයිතියක් නෑනෙ.. අපිට ඔල්මොරොන්දම් කියලා හිතනවද??

    • රෙද්ද -

      සිරාවට මේ වගේ අවලම් නූගත් මෝඩ තකතීරු හොර ගෑණියක් මොකටද රටේ පාර්ලිමේන්තුවට අප්පිරියයි

  • Mali daniel -

    මට නම් ඔයාගේ පුරවැසි බාවය කොහේද වැදගත් නෑ, ඔයා සිංහල කතා කරන සිංහල ලේ තියෙන කෙනෙක්, වැදගත් වෙන්නේ මේ රට වෙනුවෙන්ක කරන දේයි, වෙනත් රටවල මිනිස්සු අපේ උන් වගේ මෝඩ විදියට හිතුවනම් අද ඒ මිනිස්සු අපි වගේම වෙන්න තිබ්බ, කුඩු බිස්නස් යහමින් කරන, බොන රටක මේ ගෑනි මේ කියන දේවල් මාර විදියට රට විනාස කරන දේවල් වගේ කතා කරන්නේ, මොන දේ උනත් හොරාට කරලා විසදන්න බැරි ප්‍රශ්න එනවට වඩා හොඳ නැද්ද ඒවා නීතී ගත කරලා ඒවාට යම් වාරණයක් සහිතව ක්‍රමානුකුලව සිද්ද කරන එක, මේ මනුස්සය අද කියන ඒවා අපේ අය තේරුම් ගන්න තව කාලයක් යයි, ඔන්න ඕක තමා අපේ රටට ගහපු හෙනේ, කොයි දේ කරන්න ගියත් හරි හෝ වැරදි ඉන්න විපක්ෂේ විරුද්ද මත ජනගත කිරීම රටේ නොව තමන්ගේ පැවැත්ම වෙනුවෙන්

  • OBA WENI AYA LANKAWE PARLIMENT EKATA ATHYAWASYAI I OBATA TILLAK JAYA LEBENAWA

    • සජියා නේද මෙයා ගත්මම
      කොහෙන් ද හොයාගත්තේ…ම්

  • වරුසවිතාන -

    අනේ උඹ වගෙ ගෑනියකුට තියා පිරිමියෙකුටවත් ගැලපෙන්නේ නැති ඔලුව ඉදිමිච්ච තක්කඩි උද්ධච්ච කට හැකර කතා කලොත් ගද ගස්සන වැඩකට නැති මගුල්ම ඇදබාන ජීව්තේ පලවෙනි පාරට පිනට පාර්ලිමේන්තුව ට රිංග ගත්තු බොරු ව බව දැනදැනත් මිනිසුන්ගේ සල්ලි වලින් වාසි ගත්තු අමන විදියට හැසිරෙන පාර්ලිමේන්තුව සල්ලි වලට ගත්තු තමන්ගෙ දේපලක් කියල හිතන මිනිහෙකුට වැදගත් විදියට කතාකරන්න දන්නෙ නැති පාදඩ කතා කියන නම ඩයනා උනත් මුඩුක්කු විදියට හැසිරෙන රටම ගනිකා මඩමක් කරන්න ග්ංජා වාඩියක් කරන්න වියරු ඇම්මක් පු*අමාරුවක් තියෙන සුනක ධේනුවක් නම් කොහොමටත් එපා

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement