ඩයනාගේ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය.!

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය පක්ෂය ගත් තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සම එළඹෙන (28) වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දින නියම කර ඇත.

මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද.? නැද්ද.? යන්න  පිළිබඳ තීරණය අධිකරණයට දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

මෙම පෙත්සම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමෙන් පසුව මෙසේ දින නියම කර ඇති අතර පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් නම් කර ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement