මුලින් මහ චන්දෙ ස්ථිරයි.. ඩිලාන් ඔට්ටු දමයි.!

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියා සිටියේ නියත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය කැඳවනු ඇති බවයි.

ජනාධිපතිවරයාගේ උත්සාහය මුලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා එහි එන ප්‍රතිඵලය මත ඊළඟ ජනාධිපතිවරණයෙන් නැවත බලය ලබා ගැනීමට බව හෙතෙම කියයි.

එමෙන්ම තමන් ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ ඕනෑම අයෙක් සමඟ ඕනෑම ඔට්ටුවක් ඇල්ලීමට සූදානම් බවද හෙතෙම වැඩි දුරටත් කියා සිටී.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement