By unusuma.lk on
(LK time)ව්‍යවසායක මව්බිම ජනතා පක්ෂයේ නිර්මාතෘ දිලිත් ජයවීර මහතා ඉතාමත් සූක්ෂම සහ උපායශීලී අයුරින් තම පක්ෂය වටා දැවැන්ත දේශපාලන චරිත ඒකරාශී කරගනිමින් සිටින බව පෙනී යයි.
මේ වනවිට විපක්ෂ දේශපාලනයේ ගොඩනැගී ඇති අර්බුදකාරී වාතාවරණය මැද මෙරට ප්‍රභල දේශපාලන චරිත එකිනෙකා තමා වටා එක් රැස් කරගනිමින් මෙවර මහ මැතිවරණයේදී වැඩි බලයක් සහිතව පාර්ලිමේන්තුව තුල ස්ථාන ගතවීමේ උත්සාහයක යෙදී සිටිනු දක්නට ලැබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කළ රොෂාන් රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (02) කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂය සමග එක් විය.
එහිදී රොෂාන් රණසිංහ මහතාට අද මව්බිම ජනතා පක්ෂය සමඟ එක්වූ අතර එහිදී ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය පිරිනැමුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාද පක්ෂයේ උප සභාපති ධුරය සමඟින් මව්බිම ජනතා පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය.
මීට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාද මව්බිම ජනතා පක්ෂයට එක්වූ අතර, ඔහුට පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධූරය හිමිවිය.
පාස්කු ප්රරාහයට සම්බන්ද එක මහාමොලකරුවෙක්. අත් අඩගුවට ගන්න. අයි ඉතින් මහා මැතිවරණය ගැන අහන්න දෙයක් නැහැ.