අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවත ගොඩ ගැනීමට දින නියම වේ.!

අභිරහස් ලෙස මියගිය ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය නැවත ගොඩ ගැනීමට අධිකරණය දින නියම කොට තිබෙනවා.ඒ අනුව මේ මස 25 වන දින දේහය ගොඩගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

බොරැල්ල සුසාන භූමිය අසල තමාගේ කාර් රථය තුළින් දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය හමුවූයේ ගෙල සිරකරන ලද වයරයක් සමගිනි.සොයා ගන්නා විට අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය යන ලදී.මෙම අභිරහස් මරණය මනුෂ්‍ය ඝාතනයක් ද සියදිවි නසා ගැනීමක් ද යන්න නොවිසදුනු ගැටලුවක් විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කළේ මෙය සියදිවි නසා ගැනීමක් බවයි.නමුත් ෂාෆ්ටර් මහතාගේ පවුලේ උදවිය දිගින් දිගටම කියා සිටියේ මෙය සියදිවි නසා ගැනීමක් නොවන බවයි.ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ වන විට අධිකරණය හමුවේ පෙනී සිටින්නේ රටේ නම ගිය දක්ෂ නීතීඥවරයෙකි. ඒ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්නය. සියදිවි හානි කර ගැනීමකින් එහා ගිය විමර්ශනයක් බවට දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය දැන් පත්ව ඇත්තේ එබැවිනි.

එංගලන්තයේ පදිංචිය සඳහා යාමට සිටි ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමිය අසළ පාළු ස්ථානයක කුමක් කළේද,කුමක් සඳහා එහි රැඳී සිටියේ ද,මරණ පරීක්ෂණයේ දී සොයා ගත් වස ඔහුට ශරීරගත වූයේ කෙසේද ආදී දහසක් ගැටළු විසඳීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩ ගැනීමට නියමිතය.

ඒ අනුව අතිදක්ෂ විශේෂඥ වෛද්‍යවරු පස් දෙනෙකු යටතේ ඔහුගේ දේහය නැවත පරීක්ෂා කිරීමට නියමිතය.එම වෛද්‍යවරුන්ට සියලු පහසුකම් සැලසීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කරන ලදී.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close