අගමැති දිනේෂ් චීනයට.!

චීන අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව හෙට (25) දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

ඒ අනුව හෙට (25) දිනයේ සිට එළඹෙන (30) දින දක්වා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීන සංචාරයේ නිරත වීමට නියමිත අතර එහිදී චීන ජනාධිපතිවරයා හමුවීමට නියමිතව ඇත.

එහිදී චීනය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සාම්ප්‍රදායික මිතුදම ශක්තිමත් කර ගැනීමත්, දෙරට අතර සහයෝගිතාව සහ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තර කර ගැනීම පිළිබඳවත් අවධානය යොමු කිරීමට නියමිතව ඇත .

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close