දිනේෂ් ෂාෆ්ටර්ගේ නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය.!

බොරැල්ල පොදු සුසාන භූමිය අසලදී අභිරහස් ලෙස ඝාතනයට ලක්වු ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථන සහ පරිගණක දත්ත සම්බන්ධව විශේෂඥ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට සිහිකැඳවීමේ ලිපියක් (20) දින නිකුත් කර ඇත.

ඝාතනයට ලක්වු ව්‍යාපාරික දිනෙෂ් ෂාෆ්ටර් භාවිතා කළ විද්‍යුත් උපාංග සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තා තවමත් ලැබී නොමැති බවට අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම සිහි කැඳවීමේ ලිපිය නිකුත් කිරීමට නියෝග කර ඇත.

දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථන සිම්පත ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කිරීමට ඔහුගේ බිරිඳට ලබාදීම සම්බන්ධයෙන් වන ඉල්ලීම රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු සලකා බලන බවත් ඒ පිළිබඳ වාර්තාවක් ලබන නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට දන්වා ඇත.

දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් ඝාතන සිද්ධිය සම්බන්ධව අවශ්‍ය සැකකරුවන් අනාවරණය කර ගැනීමේ විමර්ශන තවදුරටත් සිදුකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close