දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතන සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම තම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළේ ඒ සම්බන්ධ පාර්ශවකරුවන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය අද (23) දින විවෘත අධිකරණයේ සඳහන් කළාය.
මෙම ව්‍යාපාරිකයාගේ ඝාතනයට අදාළව විවිධ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබෙන බවත් මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම අප්රසිද්ධියේ සිදුකරන ලෙසද මියගිය අයගේ පාර්ශවයෙන් ඉල්ලීමක් ලැබුණු බවද මහෙස්ත්‍රාත්වරිය සදහන් කළාය.
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට අදාළ විමර්ශනවලට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබී ඇති බවත් මෙම ඝාතනයට හේතුව අධිකරණය විසින් තවමත් නිගමනය කර නොමැති බවද මහෙස්ත්‍රාත්වරිය සදහන් කළාය.
සාක්ෂි විමසීම මහෙස්ත්රාත්වරියගේ නිල මැදිරියේ සිදුකෙරුණු අතර මියගිය ෂාෆ්ටර්ගේ සොහොයුරාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවු අතර වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන 08 වනදා කැදවීමට නියමිතය.