රටේ මේ දිනවල ළමුන් සහ වැඩිහිටියන් අතර ඉන්ෆ්ලුවෙන්සා A සහ B වෛරස ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.
වයස අවු 2ට අඩු ළමුන්, 65ට වඩා වැඩි පිරිස්, ගැබිණි මව්වරුන් හා නිධන්ගත රෝග වලින් පෙළෙන පිරිස් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.
එම රෝග ලක්ෂණ ලෙස කැස්ස, සෙම්ප්‍රතික්ෂාව, හිසරදය, තද උණ, වමනය, ඇස්වලින් කබ ගැලීම පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා තවදුරටත් සදහන් කරයි.