දියතලාව යුද හමුදා විද්‍යා පීඨයට පුහුණුවීම් සඳහා පැමිණි කැඩෙට් නිලධාරීන්ට අයිස්, හෂිස් හා ගංජා ආදි මත්ද්‍රව්‍ය අලෙවි කළ පුහුණු උපදේශකයන් 06ක් සහ මත්ද්‍රව්‍ය භාවිත කළ කැඩෙට් නිලධාරීන් 18 දෙනකු යුද හමුදාවෙන් නෙරපීමට තීරණය කරයි.
ආරක්ෂක ලේකම්වරයා විසින් දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සිදුවී ඇති කියන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිස් ගැන විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස යුද හමුදාපතිවරයාට දුන් නියෝගයෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් මූලික පරීක්ෂණ උසාවියක් මගින් ලබාගත් සාක්ෂි ලේඛන නිරීක්ෂණය කර සෙසු නිල පුහුණු උපදේශකයන් 06 දෙනෙක් මත්ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය සිදුකර ඇති බව හෙළි වී ඇත.
එම අදාළ චෝදනාවට ලක්වන කිසිඳු අයෙකුට සමාවක් නොලැබෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කරයි.