විශේෂඥ වෛද්‍යවරුන් නෑ.. හිටපු අයත් රට ගිහින්.. හදිසි සැත්කම් සියල්ල නවතී.!

නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නොමැති බැවින් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදුකළ යුතු රෝගීන් හා දැඩි සත්කාර ඒකකයේ තැබිය යුතු රෝගීන් ප්‍රධාන රෝහල් හතරක් වෙත යැවීමට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.ඒ. එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර තීරණය කරයි.

එයට හේතුව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය චන්දන කරුණාරත්න ඉකුත් සතියේ එක්සත් රාජධානිය බලා ගොස් ඇති අතර ඔහු එරට වෛද්‍යවරයෙකු ලෙස රැකියාව ලැබීම හේතුවෙන් ලංකාවෙන් පිටව ගොස් ඇත.

රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති නිසා අත්‍යවශ්‍ය හා හදිසි සැත්කම් සිදුකළ යුතු රෝගීන් රෝහලට එවීමෙන් වළකින්නැයිද ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා රත්නපුර, මොනරාගල හා හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

කරාපිටිය, මාතර, හම්බන්තොට හා රත්නපුර රෝහල් වෙත ඒ අනුව එම රෝගීන් මාරු කර එවන බව දන්වමින් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.ඒ. එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර එම රෝහල් හතරේ අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close