රටට ඇත්ත හෙළිකර වැඩ තහනම් කළ වෛද්‍ය චමල් ගැන හදිසියේම තීරණයක් ගනී.!

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ද පෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බවට සිදුකළ ප්‍රකාශය හේතුවෙන් වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනමට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය දා පියවර ගත්තේය.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන් වැඩතහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවීමට පාර්ලීමේන්තුව තීරණය කරයි.

පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභා කාර්යංශය සඳහන් කළේ, අදාළ පෙත්සම කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව පසුගිය මස 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය.

එම පෙත්සමේ කටයුතු ඉදිරියට සිදුකරගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවීමට පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇති අතර එම වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close