කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් බලහත්කාරයෙන් කාර්යාල පරිශ්‍රයේ රඳවා ගෙන ඇති බව වාර්තා වේ.
ඒ කොළඹ ජාතික රෝහලේ ඇතැම් කණිෂ්ඨ සේවකයන් ගංජා භාවිත කරන බවට කළ අනාවරණයෙන් පසුව කණිෂ්ඨ කාර්ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.
රෝහල්වල සුළු සේවකයින් රාජකාරී වේලාවන් තුළ අයිස් හා ගංජා භාවිතා කර සේවයේ යෙදෙන බවට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන (18) දින අනාවරණයක් කළේය.
ඒ වෘත්තීය සමිතිවල විරෝධතාවල නිරත වන ඉදිරි පෙළේ සාමාජිකයන් රෝහල්වල මත්ද්‍රව්‍ය භාවිත කරන අය ලෙස වාර්තාවන බවත් ඒ සඳහා සාක්ෂිද මේ වන විට පවතින බවද ඔහු සදහන් කරයි.
මෙම මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා දෛනිකව සේවකයන්ට විශාල මුදලක් අවශ්‍ය වන බවත් එම මුදල් සොයා ගැනීමට රෝගීන්ගේ බඩු බාහිරාදිය සොරකම් කිරීමට සේවකයන් පුරුදු වී සිටින බවද ඔහු සඳහන් කරයි.