අද (09) දින මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ඉහළ ගොස් ඇත.
ඒ අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 293.82ක් ලෙසත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 303.37ක් ලෙසද ඉහළ ගොස් ඇත.
මහජන බැංකුවේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 293.46ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 303.29ක් ලෙසද සටහන්ව ඇත.
ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.00ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 303.00ක් ලෙසද සටහන්ව ඇත.