By unusuma.lk on
(LK time)අම්බලන්ගොඩ ධීවර සංගමය පවසන්නේ අද (11) හමා ගිය තද සුළඟින් අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ බහු දින ධීවර යාත්රා විස්සකට පමණ දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් පවසති.
දැඩි සුළගින් විශාල මුහුදු රළ වරාය තුළට ඇතුලුවීමෙන් මේ විනාශය සිදුව ඇති බව ඔවුන් පවසති.
ඒ හේතුවෙන් තමන්ට රුපියල් කෝටි හණනක අලාභ සිදුව ඇති බවත් එම හානි වූ ධීවර යාත්රා අලුත්වැඩියා කිරීමට සැලකිය යුතු කාලයක් ගත වන බවද එම ධීවර පිරිස් මැසිවෙලි නඟති.
ඔවුන් පවසන්නේ අලාභහානි වූ ධීවර යාතා සියල්ලම අලුත්වැඩියා කිරීමට ධීවර වරායෙන් ගොඩබිමට ගත යුතු බවත් ඒ සදහා ද විශාල මුදලක් වැය වන බවත් ය.