ශ්‍රී ලංකාවට එන අමෙරිකානු ප්‍රබලයා.!

අද (10) දිනයේ සිට (15) වනදා දක්වා දකුණු ආසියානු කලාපය තුළ රැ‍ඳී සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද ඉන්දියාවට පැමිණීමට නියමිතව ඇත.

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ඉන්දියාවට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ද පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට ආර්ථික වර්ධනය සඳහා අමෙරිකාවේ සහාය යළිත් තහවුරු කරනු ඇති බවත් රටවල් සමග ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරගැනීම මෙම සංචාරයේ අරමුණ වේ.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement