හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අසැබි චරිත රගපෑ නිළියකට මුදල් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඟහරුවාදා තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව සදහන් කරයි.
හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සමාජ ජාලයේ සටහනක් තබමින් එවැනි පියවරකට විරෝධය පළ කරන ලෙස සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
එළඹෙන සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිචෝදනා ගොනු කළ හැකි බවට ට්‍රම්ප්ගේ නීතීඥයෙකු සදහන් කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිචෝදනා ගොනු කළහොත් එය හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකුට එරෙහිව පනවා ඇති පළමු අපරාධ නඩුව වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.