ඉදිරියේදී රියදුරු බලපත් ජංගම දුරකථනයට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් දැනට සාකච්ඡා කරමින් ඇති බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සදහන් කරයි.
නව ක්‍රමවේදයෙන් පසුව රියදුරු බලපත්‍රයක් සඳහා කාඩ් පතක් අවශ්‍ය නොවන බවත් එය ජංගම දුරකථනයට ලබා දෙනු ඇති බවත් අවශ්‍ය පුද්ගලයෙකුට කාඩ්පත ද ලබාගත හැකි බවද කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සදහන් කරයි.
රියදුරු බලපත් මුද්‍රණයෙන් ප්‍රමාදයක් පවතින්නේ එහි යෙදවුම්වල ගැටලුවක් නිසා බවත් එය ඉදිරි මාස හයක පමණ කාලය ඇතුලත සමනය වනු ඇති බවද කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සදහන් කරයි.