මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රායෝගික පරීක්ෂණයට පමණක් සහභාගී වී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව පවතින බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කරයි.
පාසල් මාර්ග ආරක්ෂක සංසද මගින් පාසල් සිසුන් වෙත රිය නිපුණ පදක්කම ලබාදීමෙන් පසුව එම පදක්කම ලැබෙන සෑම උසස් පෙළ හදාරන සිසුවකුටම ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රායෝගික පරීක්ෂණයට පමණක් සහභාගී වී රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට හැකි බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කරයි.
තවද පාසල් මාර්ග ආරක්ෂක සංසද මගින් ජනාධිපති පදක්කම දක්වා කටයුතු කරන පාසල් සිසුන්ට විශ්වවිද්‍යාල වලට සුදුසුකම් ලැබීමේදී විශ්වවිද්‍යාල වෙත තේරීපත්වන අනෙකුත් සිසුන්ට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීමටද නියමිතව ඇති බවද සදහන් කරයි.
පදක්කම් ලබාදීමේ ක්‍රමවේදය පාසල් ආචාර්ය මණ්ඩලය මෙන්ම කොට්ඨාස මට්ටමේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතව ඇති අතර ඒ සදහා අදාළ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
අද (03) දිනයේ සිට පාසල් මාර්ග ආරක්ෂක සංසද පිහිටුවීම සහ පදක්කම් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර මෙයට ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සිට උසස් පෙළ හදාරන සිසුන් දක්වා සහභාගිවීමේ අවස්ථාව හිමිව ඇත.