අද (15) දින පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් කොම්පඤ්ඤවීදියේ, සුපිරි අවන්හලක 30 වැනි මහලේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණියක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය සාදය ෆේස්බුක් සමාජ මාධ්‍ය මගින් සංවිධානය වූවක් බවද පොලීසිය විසින් මෙහිදී අනාවරණය කර ගෙන ඇති බවද සදහන් කරයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සහ ඩාන්සින් ටැබ්ලට් ලෙස හඳුන්වන මත් පෙත්තක්ද පොලිස් භාරයට ගෙන ඇත.