මන්ත්රී ධුරයක් දැරීමට සුදුසුකම් නැති පුද්ගලයන් දස දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර දරමින් රැදී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියෝ පවසයි.
ද්විත්ව පුරවැසිභාවය හිමි ඩයනා ගමගේට ලබාදුන් නඩු තීන්දුව අනුව තවදුරටත් අධිකරන වලට ගොස් කාලය හා ධනය වැය නොකර තම ගෞරවය රැකගෙන එම ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ පවසයි.
මාධ්‍ය හමුවක් කැඳවමින් පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියෝ මේ බව පවසයි.