ටැටූ දුලාන්ගේ බිරිඳ දැඩිසත්කාර ඒකකයට.!

අතුරුගිරිය වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳට ශල්‍යකර්මයක් සිදු කර මේ වන විට දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

වෙඩි වැදීමෙන් පසු ඇයගේ පෙනහැල්ලේ එක් උණ්ඩයක් රැඳී ඇති බවත් එය ඉවත් කළහොත් දැඩි ජීවිත අවදානමක් ඇතිවිය හැකි බව ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරුන් සදහන් කර ඇත.

ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වනවිට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය තවමත් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close