ධාවනය වු දුම්රියේ එන්ජිම ගැලවී ධාවනය වෙයි.. දුම්රිය මැදිරි මග නතර වෙයි.!

‍අද (09) උදෑසන ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේදී එන්ජිම මැදිරිවලින් වෙන් වී ධාවනය වු බව දුම්රිය බලධාරීන් සඳහන් කරයි.

ඒ උතුරු කළුතර සහ නොම්මර 01ක දුම්රිය ස්ථාන අතර මාර්ගයේදී එම සිදුවීම සිදුව ඇති බවත් එම දුම්රියේ එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් කිලෝමිටරයක පමණ දුරක් ධාවනය වී ඇති බවද දුම්රිය බලධාරීන් සදහන් කරයි.

අනතුරුව මිනිත්තු 15ක පමණ කාලයකින් පසු යළිත් දුම්රිය එන්ජිම සවිකිරිමෙන් පසු දුම්රිය මරදාන බලා ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close