දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ පහසුව සහ ඉල්ලීම් බහුල වීම මත දුන්හිඳ ඔඩිසි නව සංචාරක දුම්රිය සතියට තුන් වතාවක් කොළඹ සිට බදුල්ල බලා ධාවනයේ යෙදවීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
බ්‍රිතාන්‍යයන් බදුල්ල සිට කොළඹ දක්වා දුම්රිය මාර්ගය අරඹා වසර 100ක් සපිරීමත් මෙම දුන්හිඳ ඔඩිසි නව සංචාරය දුම්රිය ධාවනයට එක්කිරීමට තවත් සුවිශේෂී කාරණාවක් බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව දුම්රිය අඟහරුවාදා, සිකුරාදා සහ ඉරිදා යන තෙදින්යන්හිදී කොලඹ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
අඟහරුවාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනයන්හිදී උදෑසන 6.30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
එම දුම්රිය සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනවල පෙරවරුවේ 8ට බදුල්ල සිට කොළඹ බලා නැවත ගමන් ආරම්භ කරනු ඇත.
සංචාරය අතර දුම්රිය, දේශීය හා විදේශීය සංචාරකයින්ට, නැරඹීම හා ඡායාරූප ගැනීම සඳහා සුවිශේෂී ස්ථාන 10ක සුළු නතර කෙරනු ඇති.
ඔඩිසි දුම්රියේ 1 වන පන්තියේ ප්‍රවේශ පත්‍රය රුපියල් 8,000කට අලෙවි කෙරෙන අතරදෙවන පන්තිය සඳහා ප්‍රවේශපත්‍රය රුපියල් 6,000ක් සහ අතර තුන්වන පන්තිය සඳහා ප්‍රවේශ පත්‍රය රුපියල් 5,000ක් ලෙස මිල නියමකර තිබේ.
සම්පූර්ණ ගමන සඳහා අවස්ථා දෙකට ම අදාළ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 12,000 ක් බව සඳහන්.