අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්.!

අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් කරමින් සදහන් කළේ, රටේ පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි 80% ක් බෙදා අවසන් බවත් ඉතිරි 20% මේ මාසය අවසන් වීමට පෙර බෙදා නිමකරන බවයි.

චීනයෙන් පළමු අදියර යටතේ මෙරටට ලැබුණු නිල ඇඳුම් රෙදි උතුර, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් ළමුන්ට බෙදාදී ඇති බවත් දෙවන අදියරේ නිල ඇදුම් රෙදි සෙසු පළාත් 05 ආවරණය වන පරිදි බෙදා දීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

පාසල් ළමුන් ලක්ෂ 41 කට හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා මෙම අප්‍රේල් මාසය අවසන් වීමට පෙර නිල ඇඳුම් රෙදි බෙදාදීම අවසන් කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close