අධ්‍යාපනයේ සිදුවන අලුත්ම වෙනස ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.!

පෙර පාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර දියුණු රටවල පවතින ක්‍රමවේද අනුව සංවර්ධනය කර ලංකාවේ අධ්‍යාපනය ද ජාත්‍යන්තර තලයට රැගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කරයි.

එළඹෙන 2027 වර්ෂය වන විට සියලු‍ම ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බවත් විද්‍යාපීඨ 19ත් ගුරු විද්‍යාල 08ත් ඒකාබද්ධ කර ගුරු අධ්‍යාපනය සඳහාම වෙන් වුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

යාපන අර්ධද්වීපය තුළ සිටම විධිමත් වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම මඟින් මෙරට හෝ විදෙස් රැකියා ලබාගැනීමට හා ස්වයං රැකියාවක නිරත වීමේ පුළුල් ඉඩ ප්‍රස්ථා තවදුරටත් දරුවන්ට විවර කර දීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත කෝපායි ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශත සංවත්සර උත්සවයට එක්වෙමින් මේ බව සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close