ආරක්ෂිත සරල ඇදුමකින් ටික දවසකට වෙනස් වෙමු.!

රට තුළ මේ දිනවල පවතින අධික විජලන තත්ත්වය හේතුවෙන් දරුවන්ට සරල ඇඳුම් භාවිතයට යොමු වන්නැයි (BIG FOCUS) වැඩසටහන සමග එකතු වෙමින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මේ බව සදහන් කරයි.

සරල ඇදුම සහිත සංස්කෘතිය හදුන්වා දෙන්න හොදම කාලය බවත් හිරු එළිය අවම වශයෙන් ශරීරගත වන අයුරින් ජනතාව නිවසින් බැහැරව යා යුතු බවද ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මේ බව සදහන් කරයි.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා තවදුරටත් සදහන් කළේ,

“එංගලන්තය වගේ රටවල සමර් එකට එහෙම කරනවා. අපේ දරුවන්ටත් අපි කියන්නේ සරල ඇඳුමක් අඳින්න. ටයි දාන අයට ටයි එක නැතුව සරල ඇඳුමක්. සරල ඇඳුමක් ඇඳගෙන තමා පාසලට එන්න කියන්නේ.

දැන් අපිටත් ඒ සංස්කෘතිය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වෙලාවට ගොඩක් ඇඳගෙන යන්න හොඳ නෑ. ඇඳුම් ඇඳගත්තාහම වැඩිපුර දාඩිය දානවානේ. සරල ඇඳුමක්, තොප්පයක් දාගෙන හිරු එළිය අවම වෙන විදියට යන්න පුළුවන්. ඒක අපේ රටේ තාම භාවිත වෙන්නේ නෑ. අපි ඇඳුම් කිහිපයක් ඇඳගෙන තමා එළියට බහින්නේ.

දරුවාගේ බරේ හැටියට තමයි වතුර ලැබෙන්න ඕනේ. සාමාන්‍යයෙන් නම් වැඩිපුර වතුර බෝතලයක් දරුවෙකුට දාලා යවන්න. වැඩිහිටියෙකුට වුණත් වතුර වෙනුවට තවත් දෙහි හෝ ජීවනි ටිකක් හරි අපේ පානයට ගමු. එමඟින් එළියට යන ප්‍රමාණය ශරීරයට ලබාදෙන්න පුළුවන්. එයින් එන සංකූලතා අවම කරගන්න පුළුවන්.”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close