බිත්තර මිල යළිත් ඉහළට.!

මේ වනවිට වෙළදපොලේ බිත්තරයක මිල යළිත් රුපියල් 40කට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

දැනට නිෂ්පාදනය වන දෛනික බිත්තර වෙළෙඳපොළට එන නමුත් විශාල වශයෙන් මිල ඉහළ යාමක් සිදුව තිබෙන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සදහන් කරයි.

සභාපතිවරයා තවදුරටත් සදහන් කළේ,

“තොග වෙළෙඳුන් විශාල ප්‍රමාණයක් බිත්තර ගෙනිහින් බිත්තර වික්කා. ඒකෙන් පාරිභෝගිකයින්ට විශාල සහනයක් ලැබුණා. මේ වෙනකොට ඒ නිෂ්පාදන අතිරික්තය වෙළෙඳපොළෙන් ඉවත්වෙලා තියෙනවා.

දැනට නිෂ්පාදනය වන දෛනික බිත්තර තමා වෙළෙඳපොළට එන්නේ. නමුත් විශාල වශයෙන් මිල උච්චාවචනය වීමක් වෙලා තියෙනවා. ඒක කෘත්‍රීමව සිදුවෙනවා ද කියලා අපිට ප්‍රශ්නයක්.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.