ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් කුරුළු උණ පැවතීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට නිර්දේශ ලබාදිය නොහැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සදහන් කරයි.
බිත්තර, කුකුළු පැටව්, කුකුළු මස් හා ඒ ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරිමට අවසර ලබාදෙන්නේ මාස 6 කට පෙර අදාළ රටේ කුරුළු උණ නොමැති බවට තහවුරු වුවහොත් පමණක් බවද ආචාර්ය හේමාලි කොතලාවල සදහන් කරයි.
තවද ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සහ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මාධ්‍ය හමු පවත්වමින් බිත්තර ආනයනය නොකරන ලෙස ඉල්ලීම් කළේය.