ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවලදී මෙන්ම දේශපාලන සාකච්ඡාවලදී මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ විවිධ අදහස් පළ කරයි.
ජනාධිපතිවරයා ඇතුළු පාර්ශව විවිධ ප්‍රකාශ සිදු කළද මහ මැතිවරණයක් ලබාගැනීමේ පොදුජන පෙරමුණ පක්ෂයේ උත්සාහය මේ වන තෙක් අවසන් වී නොමැති බව වාර්තා වේ.
එළඹෙන අලුත් අවුරුද්දෙන් පසුව දේශපාලන පෙරළියක් සිදුවනු ඇති බවට දේශපාලන කේෂ්ත්‍රයේ කතාබහට ලක්ව ඇති අතර පොදුජන පෙරමුණේ අමාත්‍ය ධුර දරන කණ්ඩායමක් ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කළ යුතු බවට තීරණය කර ඇත.
අමාත්‍ය කංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් ඉදිරියේදී කණ්ඩායමක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීම සඳහා එක්වනු ඇති බව වාර්තා වේ.