පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සදහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම හෙට (01) දිනයේ සිට එළඹෙන (08) වැනිදා දක්වා සිදුකෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක සදහන් කරයි.
පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව තැපැල් ඡන්ද සදහා අයැදුම්පත් භාර ගැනිම සම්බන්ධව මැතිවරණය ප්රකාශයට පත්කර (07) වැනි දින සිට (14) වැනි දින දක්වා කටයුතු කළ යුතු බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.
සියලුම තැපැල් ඡන්ද හිමියන් ඔක්තොම්බර් (01) වැනිදාත් (08) වැනිදාත් කාලය තුළ ආයතන ප්රධානීන්ගෙන් සහතික කර ගනිමින් තේරිම් භාර නිලධාරින්ට ලබාදෙන ලෙසද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.