මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මෙතෙක් නිෂ්චිත පිළිතුරක් ලබා නොදුන් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි.
එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හා ජනාධිපති රනිල් වික්රමසිංහ හමුවී දෙපාර්ශ්වය අතර පවතින ගැටලු සම්බන්ධයෙන් හා මහ මැතිවරණය පැවැත්වීමට සිදුකළ සාකච්ඡා වට ගණන 7 කි.
එම විශේෂ සාකච්ඡා වලදී රටේ සංවර්ධන ක්රියාදාමය සම්බන්ධව සිය පක්ෂයේ ස්ථාවරය ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බවද පොදුජන පෙරමුණ සදහන් කරයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්රචාරක කටයුතු එළඹෙන (26) වැනිදා අනුරාධපුර කලාවැව මැතිවරණ කොට්ඨාසයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.