රටේ පවතින විදුලි අර්බුදය මත ඉදිරි මැතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහාත් පැය 24 පුරා විදුලිය සැපයීම සිදු කළ නොහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවේදී සදහන් කර ඇත්තේ රටේ පවතින විදුලි අර්බුදය මත පැය 24 පුරා විදුලිය සැපයීමට නොහැකි බවයි.
තවද ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වලට විදුලි ජනක යන්ත්‍ර යොදා ගත හැකි වුවත් එම යන්ත්‍ර සඳහා ඉන්ධන සපයා ගැනීමට නොහැකි වනු ඇති බවද විදුලිබල මණ්ඩලය සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විදුලිබල මන්ඩලය මැතිවරණ කොමිසමට දන්වා ඇත.