රට තුළ යළිත් විදුලිය ගාස්තු ඉහළ නැංවීමට කර තිබූ යෝජනාව බොහෝ දුරට වෙනස් වීමට ඉඩ ඇති බව මහජන උපයෝගිතා කොමිසම සභාපති ජනක රත්නායක සදහන් කරයි.
යළිත් විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව රට තුළ පැන නැගුණු විරෝධතා රැල්ල හා ඊට මාධ්‍ය මගින් ලැබුණු සහාය මත මෙම තත්ත්වය උදාවී ඇති බවද සභාපති ජනක රත්නායක සදහන් කරයි.
ගාස්තු වැඩි කිරීමට එරෙහිව රටේ මාධ්‍යවලින් ලැබුණු සහාය අගය කරන බවත් විදුලි බිල වැඩි කිරීමේ අදහස නතර වූවොත් එම ගෞරවය මාධ්‍යයට ලබා දෙන බවද සභාපතිවරයා සදහන් කරයි.