සියලුම ස්ථාවර ගාස්තු වැඩි කරයි.. සියලුම වැඩි කිරීම් මෙන්න.!

විදුලි ගාස්තු ඉහල දැමීමට අදාළ යෝජනාව පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවත් ඒ සම්බන්ධයෙන් සලකා බැලීම ඊයේ දිනය දක්වා කල් දැමුණේය.

එහෙත් මෙම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසම ඇතුළු පාර්ශව රැසක් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරයි.

නව ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0 සිට 30 දක්වා ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වා ද, ස්ථාවර ගාස්තු රුපියල් 400 දක්වා ඉහළ දැමීමට යෝජිතව ඇති අතර එම කාණ්ඩයේ මාසික විදුලි බිල රුපියල් 360 සිට රුපියල් 1300 දක්වා ඉහළ යයි.

ඒකක 31 සිට 60 දක්වා ඒකකය ගාස්තු රුපියල් 37 දක්වාද, ස්ථාවර ගාස්තු රුපියල් 550 දක්වාද ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර එම කාණ්ඩයේ පවතින ඒකක බිල්පත රුපියල් 780 සිට 2560 දක්වා ඉහළ යයි.

ඒකක 61 සිට 90 දක්වා ඒකකය ගාස්තුව රුපියල් 42 දක්වාද, ස්ථාවර ගාස්තු රුපියල් 650 දක්වාද ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර එම කාණ්ඩය යටතේ පවතින උපරිම විදුලිබිල 1800ක් වූ අතර නව සංශෝධනය යටතේ එම ගාස්තුව 4430ක් වනු ඇත.

ඒකක 91 සිට 120 දක්වා ඒකකයක ගාස්තුව සංශෝධනය නොකර ස්ථාවර ගාස්තුව 1,500 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත.

ඒකක 121 සිට ඒකක 180 දක්වාද ඒකකයක ගාස්තුව සංශෝධනය නොකර ස්ථාවර ගාස්තුව පමණක් රුපියල් 1500ක් ලෙස සංශෝධනය කිරීමට යෝජනා කර ඇත.

ඒකක 181ට ඉහළ කාණ්ඩයේ ඒකකයක ගාස්තුවද වෙනස් නොවන අතර ස්ථාවර ගාස්තුව රුපියල් 2000 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close