By unusuma.lk on
(LK time)උපරිම කාර්යක්ෂමතාව ලබාගැනීම සඳහා විදුලි බල පනත සංශෝධනයට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා සමාලෝචනයක් ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සදහන් කරයි.
ඒ අනුව රටට හා විදුලිබල මණ්ඩලයට හානියක් නොවන පරිදි උපරිම කාර්යක්ෂමතාව ලබාගැනීම සඳහා පනත මගින් ප්‍රතිපාදන සැලසෙන පරිදි නව සංශෝධන ගෙනඒමට නියමිත බවද අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කරයි.
පනතේ සිදුවිය යුතු වෙනසකම් පිළිබඳ විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහස් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ රටට ඵලදායී ලෙස සිදුකරන ලෙසට විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවද සදහන් කරයි.