දින පහක විශේෂ වැඩපිළිවෙළ.. මෙහෙයුම් අරඹයි.!

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් අනුව දිවයින පුරා ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේද භාවිත කර සිදුකරන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

ඒ අනුව මෙම විශේෂ වැඩපිළිවෙළ මෙම මස (06) සිට එළඹෙන (10) වනදා දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ යුක්තිය මෙහෙයුමට සමගාමීව ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කරයි.

ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේද භාවිත කරමින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් 198 දෙනෙකුගෙන් තොරතුරු ලබාගෙන ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය සදහන් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement