වැට් බද්ද මුවාවෙන් ජනතාව අවුල් කරන අයට එරෙහිව නීතිය දැඩි කරයි.!

බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකරන පාර්ශව වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සදහන් කරයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක තවදුරටත් සදහන් කළේ,

” ජනතාව රජය සමග විශ්වාසවන්තව වැඩ කටයුතු කරන්න ඔනේ. රජය ජනතාව සමග විශ්වාසවන්තව කටයුතු කරන්න ඔනේ. ඒක තමා වැදගත්ම දේ. මෙතන දී දේශපාලනය අරමුණු කරගෙන, ඡන්දය අරමුණු කරගෙන රටක් වශයෙන් වැඩකටයුතු කරන්න ගියොත්, ආණ්ඩුවක් වශයෙන් වැඩකටයුතු කරන්න ගියොත් අපේ ගමන හැමෝම එකතු වෙන්න ඔනේ.

වැරදි ලෙස වැඩකටයුතු කරන ඒවට අපි ක්‍රියාමාර්ග ගන්නවා. වැට් බද්ද මුවාවෙන් වැඩකටයුතු කරන අය සමහර වෙලාවට නැති රකුසෙක් මවලා ජනතාව කුපිත කරලා, අවුල් කරන්න යන අය ගැන දැඩි තීන්දු අරගෙන නීතිය තුළ කටයුතු කරනවා.”

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close