මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් සේවක අර්ථ සාධක මුදල සාමාජිකයන්ට දායක මුදල් ලබා ගැනීමේ ප්‍රමාදයක් ඇති විය හැකි බවට මේ වනවිට මත පළවෙයි.
පවතින මෙම තත්වය මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මහ බැංකුව තීරණය කිරීම මත ණය ආපසු ගෙවීම ප්‍රමාද කරන නිසා එය එක එල්ලේම අර්ථ සාධක අරමුදලට බලපෑමක් ඇති කෙරෙන බව වාර්තා වේ.
රජය දේශීය වශයෙන් ලබාගෙන ඇති ණය මුදල් වලින් වැඩිම ප්‍රමාණයක් (42%) ක් සේවක අර්ථ සාධක මුදලින් ලබා ගෙන තිබීම මීට හේතු වී ඇති බවද වාර්තා වේ.