සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ නිවේදනයක්.!

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා තවදුරටත් අවකාශ පවතින බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඔන්ලයින් (Online) මගින් එම ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදු කිරීමේ කාලය මේ වනවිට අවසන්ව ඇති බවද විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කරයි.

තවද කිසිදු කරුණක් මුල් කරගනිමින් අපොස සාමාන්‍ය පෙළ සිසුන්ට නිකුත් කරන විභාග ප්‍රවේශ පත්‍ර රඳවා තබා ගැනීමෙන් වළකින්නැයි විභාග කොමසාරිස්වරයා සියලු විදුහල්පතිවරුන්ට දැනුම්දීමක් කර ඇත.

අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන (29) වන සදුදා දින ආරම්භ කිරීමට නියමිතව ඇති අතර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් රජයේ හා රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල්වලට අද (26) දිනයේ නිවාඩු ලබාදීමට නියමිතව ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close