රටේ ජනතාවට කල් ඉකුත් වු සහල් බෙදන අලුත්ම ජාවාරම හෙළිවෙයි.!

ශ්‍රී ලංකාවේ දුප්පත් ජනතාවට ලෝක ආහාර වැඩසටහන යටතේ බෙදාදීමට ලබාදුන් සහල් තොගයක් කල් ඉකුත්වීමෙන් පසුව යළි බෙදා හැරීමට කහටගස්දිගිලියේ ප්‍රසිද්ධ සහල් මෝලකට යවා පොලිෂ් කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරිය සිය බාරයට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ලොරි රථ අටටම මුද්‍රා තබා ඇති අතර එම සහල් තොගය කොළඹ ප්‍රදේශයේ සිට ලොරි අටකින් පමණ කහටගස්දිගිලියට ප්‍රවාහනය කර ඇති බවත් එහි සහල් කිලෝ 1,76,500ක් පමණ ඇතැයිද පාරිභෝගික සේවා අධිකාරිය සදහන් කරයි.

භාවිතයට ගැනීමට නොසුදුසු එම සහල් තොගය පොලිෂ්කර නව ඇසුරුම්වල අසුරා රටේ මහජනතාවට බෙදා හැරීම සඳහා මොල් හිමිකරු සමග ගිවිසුමක් අත්සන් කර ඇති අතර එලෙස පිරිසිදු කිරීමට සහල් කිලෝවකට රුපියල් 12ක් අය කරන බවද ගිවිසුමේ සදහන් කර ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement