කොළඹ ජාතික අක්ෂි රෝහලේ සිදු කරන සියලුම ශල්‍යකර්ම ඊයේ (19) දිනයේ සිට දින නියමයක් නොමැතිව නතර කර ඇති බව රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්. තවුෆික් සදහන් කරයි.
ඒ ශල්‍යාගාරය තුළ විශබීජයක් පැතිරීම හේතුවෙන් එහි සිදු කරන ශල්‍යකර්ම මෙලෙස නතර කිරීමට පියවර ගත් බව අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්. තවුෆික් සදහන් කරයි.
එම පැතිරී ඇති විෂබීජය කඩිනමින් හරණය කර නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට නොහැකි බවද අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්. තවුෆික් සදහන් කරයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරන්නේ ශල්‍යාගාරය තුළට විෂබීජයක් ඇතුළු වූයේ කෙසේද යන්න ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.