ජනතාවගේ ඇස් අනතුරේ.. ඉන්දියාවෙන් ගෙන්වු බෙහෙතේ විසබීජයක්.. රෝගීන්ට අමාරුයි.!

ඉන්දියාවෙන් ගෙන්වූ ඇස් සඳහා භාවිත කරන පෙරෙඩ්නිසොලෝන් දියර භාවිතයෙන් පසු ආසාදන තත්ත්වයන් මතුවීම මත එම තොගයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී ඇත.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ සිදුකළ ශල්‍යකර්ම වලින් පසුව එකවර රෝගීන් තිදෙනෙකුගේ ආසාදන මතුවීම මත ප්‍රශ්නගත තත්ත්වය උද්ගත වීම නිසා අදාළ ඖෂධය රෝහල් වෙත සැපයීමද මේ වනවිට අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය සදහන් කරයි.

ශල්‍යකර්ම සඳහා භාවිත කළ සියලු ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ බවත් පැය 48 කට පසු ලැබුණු වාර්තා අනුව එක් ඖෂධයක් මෙම ආසාදනවලට හේතුවී ඇතැයි හදුනාගෙන ඇති බවද කොළඹ ජාතික අක්ෂි රෝහල සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close