ෆේස්බුක් හරහා අපහාස කලොත් දැඩි දඬුවම්.. නීතිය ක්‍රියාත්මක කරනවා.!

සමාජ ජාලා ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ අපහාස සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි සමාජ ආරක්ෂක පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය වසර 03ක් තිස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම ප්‍රමාද වු මෙම සමාජ ආරක්ෂක පනත වහාම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ජනපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වේ.

මෙම සමාජ ආරක්ෂක පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර එය නිරීක්ෂණය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යවා නීතිපති උපදෙස්ද ලබාගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් මෙම සමාජ ආරක්ෂක පනත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close