රුපියල් 40,000/= බැගින් වන්දි ලබාදීමට කැබිනට් අනුමැතිය.!

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බරපතළ හානියට පත් වූ ගොවීන් සඳහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කටයුතු කර ඇත.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු ඇතුළු ප්‍රධාන භෝග වගාවන්ට මෙම කාලගුණික තත්වයෙන් බලපෑම් ඇතිවූ බවයි.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ හානි වූ භෝග වගාවන් සඳහා අක්කරයකට රුපියල් හතළිස්දහසක උපරිම වන්දියක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

රට පුරා විවිධ ප්‍රදේශවල වගා කරන ලද මෙම භෝග වගාවන්ට ඇති වූ හානි පිළිබඳව සවිස්තරාත්මක සමීක්ෂණයක් සිදු කර එම දත්ත මත පදනම්ව වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විනාශ වූ පැළ ගොයම සඳහා ගොවීන්ට නොමිලේ බිත්තර වී ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

උඩරට හා පහතරට එළවළු හා පලතුරු වගා කරන ගොවීන් ද මෙම අයහපත් කාලගුණයෙන් බරපතළ ලෙස බලපෑමට ලක් වී ඇති බැවින්, ඔවුන්ට ද යම් සහනයක් ලබා දීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.