තවත් වංචනික මූල්‍ය ආයතන දෙකක් තහනම් කරයි.. අත්අඩංගුවට ගන්නත් නියෝග.!

ඔන්න මැක්ස් අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ ඔස්වල් පෙරේරා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් ලබාදෙමින් කියා සිටියේ, “සයිබර් එරර්” හා “කොයින අයි. එම්” නමින් පිරමීඩාකාර මූල්‍ය ආයතන දෙකක් ආරම්භ කළ පුද්ගලයින්  අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස‍යි.

එහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, පිරමීඩ ආකාරයේ මූල්‍ය ආයතන තවදුරටත් පවතින්නේ නම් තවත් දහස් ගණනක් අගතියට පත්වන බවයි.

එමෙන්ම “සයිබර් එරර්” හා “කොයින අයි. එම්” නමින් ආයතන ආරම්භ කර ඇත්තේ ඔන්මැක්ස් ඩීටී අධ්‍යක්ෂකවරුන්මද නැතහොත් වෙනත් පුද්ගලයන් ද යන්න කරුණු සොයා බලා සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් දන්වා සිටියේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close