ජාඇළ පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරු 7ට පමණ ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක හදිසි ගින්නක් හටගත් බවයි.
නගරසභා ජල නිවීම් ඒකකය ගිනි නිවීමේ රථ 3ක් යොදවා පැය දෙකක පමණ පරිශ්‍රමයකින් අනතුරුව ගින්න පාලනය කළ බව වාර්තා වේ.
කෙසේවෙතත් මේ වනවිට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර කර්මාන්තශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ, ජාඇළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.